Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර ආදිවාසී දිනය අද

ජාත්‍යන්තර ආදිවාසී දිනය අද (09) ට යෙදී තිබේ. 1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අද දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණි.

ලෝකයේ රටවල් 90ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476ක් ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබේ.

ඔවුන් ලෝක ජනගහනයෙන් සියයට 6 කටත් වඩා අඩු ප්‍රමාණයක් වන නමුත් අවම වශයෙන් දුප්පත්ම අයගෙන් සියයට 15ක් නියෝජනය කරයි.

මෙම පිරිස ලෝකයේ ඇස්තමේන්තුගත භාෂා 7,000න් අති බහුතරයක් කතා කරන අතර විවිධ සංස්කෘතීන් 5,000ක් නියෝජනය කරන බවයි ජගත් සංවිධානය පවසයි.

Related posts

இறுதி இருபதுக்கு-20 போட்டி இன்று

Mohamed Dilsad

இந்தோனேசியாவில் நிலநடுக்கம்- சுனாமி எச்சரிக்கை

Mohamed Dilsad

துப்பாக்கிச் சூட்டில் ஐ.தே.க. உறுப்பினர் கபில அமரகோன் காயம்

Mohamed Dilsad

Leave a Comment