Trending Newsඑසැන පුවත්දේශීය

සහස්දනවි ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයට කැබිනට් අනුමැතිය දීමේදී වංචාවක් – විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

කෙරවලපිටිය සහස්දනවි නමින් ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති

බවත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව ඇති ප්‍රධාන දත්තවල අසත්‍යභාවයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අනාවරණය කරයි.

ඔහු මේ පිළිබඳ අනාවරණය කළේ ඊයේ (04) සහස්දනවි විදුලි බලාගාර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු අනාවරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා : ”මේ කැබිනට් පත්‍රිකාවට අනුව විදුලි ඒකකයක මිල රුපියල් 20.15ක්. එවැනි ගණනය කිරිමකට පදනම් වි ඇත්තේ ඩීසල් ලීටරයක මිල රු. 110ක් සහ රුපියලේ විනිමය අනුපාතය 195ක් ලෙස යි. මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අවස්ථාවේ ඩීසල් ලීටරයක මිල රු. 286 යි. ඩොලරයක මිල රු. 300ක්. ඒ අනුව වැරදි දත්ත මත පදනම්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සහස්දනවි විදුලි බලාගාරයට අනුමැතිය ගෙන රටටත් පාරිභෝගික ජනතාවටත් මරු පහරක් එල්ල කරනවා

මෙය අන්ත දූෂිත ක්‍රියාදාමයක්. මේ වරද මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම් දී තිබෙනවා. අවස්ථා 03ක් අනුව එය රු. 35.81ක්, රු. 43.25ක් සහ යථාර්ථවාදීව රු. 72.11ක් විය හැකි බව සත්‍යවාදී යි. මෙහි ඇති බරපතල කරුණ වන්නේ මෙහි කැබිනට් පත්‍රිකාවේ සඳහන් මිල ඒකක සහ දත්ත අතර වැරදිභාවය පෙන්වා දුන්නත් මෙය ක්‍රියාත්මක කිරීමට 2025 මාර්තු අග ගිවිසුමක් පවා අත්සන් කර තිබීම යි. වැරදි දත්ත ඉදිරිපත් වන විට කැබිනට් එකේ සෙසු ඇමතිවරු මෙය නොදැන සිටියා ද ගැටලුවක් තියෙනවා. .

එම නිසා පැහැදිලිව මේ කැබිනට් පත්‍රිකාවට පදනම් වී ඇත්තේ අසත්‍ය තොරතුරු හා දත්ත යි. මේ වරද මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දී ඇති මොහොතක එය ගණන් නොගෙන තමන්ට රිසි සේ මේ ව්‍යාපෘතිය රටට බරපතළ පාඩුවක් කර තිබෙනවා. පාරිභෝගික ජනතාවට බරපතළ පාඩුවක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂයේ සෙසු පාර්ශ්ව සමග සාකච්ඡා කර මේ වරද තුළින් රටට වෙන පාඩුව වළක්වා ගැනීමට ගත හැකි ගත යුතු සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පියවර ගන්නවා.

එසේම විදුලි බල මණ්ඩලයේ සහ එල්.ඩී.එල්. එකේ සභාපති එක් අයකු වීම නිසා ළබැදියාවන් අතර ගැටීමක් පවතිනවා. ඒ ළබැදියාවන් අතර ගැටලුව තිබිය දී මෙවැනි ක්‍රියාදාමයක් සිදුවීම හිතාමතාම සිදුකරන වරදක්. එබැවින් දැන්වත් මේ ගැන සොයා බලා සහස්දනවි විදුලි බලාගාර ව්‍යාපෘතිය වෙනුවට පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දිය යුතු යි.’

මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් උදය ගම්මන්පිල, ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරත්න හිමි ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.

Related posts

හිරුණිකා ඇතුළු 15ක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ஹெரோயின் போதைபொருளுடன் ஒருவர் கைது

Mohamed Dilsad

அனைவரையும் ஒன்றிணைத்து பேச்சுவார்த்தை ஊடாக நாட்டை முன்னேற்ற எதிர்பார்த்திருப்பதாக பிரதமர் தெரிவிப்பு

Mohamed Dilsad

Leave a Comment