Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ලේකම්ගේ නිල රථයේ, අනතුර ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

ජනාධිපති ලේකම් සනත් කුමානායකගේ නිල රථයෙන් ඔහුගේ පවුලේ අය ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුර සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදු කර සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස, නව ජනතා පෙරමුණේ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා හා නව ජනතා වැඩිහිටි මිත්‍ර සංසදයේ සභාපති සුනිල් කුමාර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  කර තිබේ.

පුද්ගලයෙකු අතින්  රිය අනතුරක් සිදු වු විට යම් පුද්ගලයෙක් ඒ තුලින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්නම් කිසිම අවස්ථාවක එම රිය අනතුර සිදු කල තැනැත්තා නිතියෙන් නිදහස් කරනු නොලබයි. මෙහිදි පොලිසිය විසින් නිවරදි තොරතුරු අධිකරණයට ලබා දී ඇත් දැයි යන්න අපට පැහැදිලි සැකයක් පවතිනවා මන්ද එම අනතුර සිදු කල පුද්ගලයා නීතියෙන්  නිදහස් කිරිම සිදු කර ඇති නිසාය.

එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ජනාධිපති ලේකම්තුමන්ගේන් රාජ්‍ය දේපල අවභාවිතාව හා අපහරණය පිළිබදව පැහැදිලි කට උත්තරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගන්නේ්නේයි බලා සිටිනවා.

ඒ වගේම ජනාධීපති ලේකම්තුමන්ගේ නිදහස් කල රියදුරු නැවත අත්අඩංගුවට ගන්නා ලෙස නව ජනතා පෙරමුණ වන අප විසින් ඉල්ලා සිටිනවා.

Related posts

Fair weather to prevail today

Mohamed Dilsad

Postal votes will be counted on Nov. 16

Mohamed Dilsad

சைட்டம் நிறுவனத்திற்கு எதிராக தேங்காய் உடைப்பு!

Mohamed Dilsad

Leave a Comment