ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ නොදීමට විරෝධය පළ කරමින්, ගම්පහ – කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව තිබේ.
ගම්පහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සි.වී.ගුණවර්ධන මහතා කියා සිටියේ අද (04) උදෑසන සිට ගම්පහ – කොළඹ ඇතුළු ගමනාන්ත 06 පමණ මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවය.
මීට පෙර බස් රථ නතර කරනු ලැබූ රවුම් කඩේ නමැති ස්ථානයෙන් අද උදෑසන සිට බස් රථ නතර කිරිමට ඉඩ ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය..
