Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවෙන් බදු සහනය ලැබුණ ද, රට ඉදිරියේ විශාල අභියෝගයක්…?

ඇමෙරිකාවෙන් බදු සහනය ලැබුණ ද, රට ඉදිරියේ විශාල අභියෝගයක් ඇතැයි සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාර පෙන්වා දෙයි. එහි සභාපති කරු ජයසූරිය මහතා විසින් නිකුත් කළ නිවේදයක ඒ බව දැක්වේ.

එම නිවේදය පහතින්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරනු කැමැත්තෙමු.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස, එහි දී ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ද විශේෂයෙන්ම රටේ ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති සැලසුම් කරන්නා වූ ආයතනයන්ගෙන් මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් හා වෘත්තීය සංවිධානයන්ගෙන් ද ඉල්ලා සිටින්නේ මතුවිය හැකි අභියෝග පිළිබඳව සාමුහිකව එක් වී ඉදිරි සැලසුම් සකස් කර ගන්නා ලෙසට ය.

එහි දී අප අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමු කල යුතු අංශ ගණනාවක් තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය සැලකීමේ දී සැලකෙන්නේ අඩුම ඵලදායීතාවයක් ඇති රටක් ලෙසට ය. එමෙන්ම විදුලි ගාස්තු අතින් ද පවතින්නේ ඉහළම මට්ටමක ය. ලෝකයේ වැඩිම නිවාඩු සහිත රටක් ලෙස අප සිටින්නේ කර්මාන්ත අධෛර්යමත් කරන පරිසරයක ය. එයට අමතරව වරාය හා අනෙකුත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි නිරතුරුව සිදු වන වැඩ වර්ජන හේතුවෙන් ද අප රටේ නිෂ්පාදන අංශයට එල්ල කරන්නේ මාරාන්තික තර්ජනයකි.

මෙම තත්ත්වයන් කෙරෙහි අප වඩා වැඩි අවධානයක් යොමුකල යුත්තේ අප හමුවේ තරඟ කරන ආසියානු කලාපයේ අනෙකුත් රටවල් පවත්වාගෙන යන නිෂ්පාදන හිතකර වාතාවරණයන් සැලකිල්ලට ගනිමිනි. එසේ පරිවර්තනීය යුගයකට පිවිසෙන්නේ නැතිව අපනයන ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජයගත නොහැකි වනු ඇතැයි යන්න අපගේ විශ්වාසය යි.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ද පුද්ගලික අංශය නියෝජනය කරන ව්‍යවසායක ප්‍රජාවගෙන් මෙන්ම දේශමාමක ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ සැබෑ යථාර්ථය තේරුම් ගනිමින් අප ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම සඳහා සාමුහිකව කටයුතු කරන ලෙසට ය.

කරු ජයසූරිය
නායක
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

Related posts

Rohit Sharma set to lead in Sri Lanka Tri-Series

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

Mohamed Dilsad

“Measures to lift social media ban soon, but will introduce conditions” – President

Mohamed Dilsad

Leave a Comment