Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකා තීරු බද්ද අපනයනකරුවන්ට බලපාන හැටි

ඇමරිකානු වෙළඳපොළට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 20ක තීරුබදු පැනවීම මගින් දේශීය අපනයනකරුවන්ට වෙළඳපොළ අහිමි වීමේ අවදානමක් ඇති විය හැකි බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි.

මෙම තත්වය මත ඇමරිකානු වෙළඳපොළ තුළ මෙරට භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම පහත වැටීම ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙයි.

මෙම තීරුබදු ඉහළ නැංවීම රබර්, පොල් සහ ඇඟලුම් වැනි ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර කෙරෙහි සෘජුවම බලපාන බවත්, එම කර්මාන්ත කඩා වැටීමේ අවදානමකට ලක්විය හැකි බවත් විජේවර්ධන මහතා සඳහන් කරයි.

මෙම තත්වය මඟහරවා ගැනීම සඳහා රජය මැදිහත් වී ඇඟලුම් ඇතුළු අදාළ කර්මාන්ත සඳහා කඩිනමින් තීරුබදු සහන ලබා ගැනීමට පියවර ගත යුතු බව ඔහුගේ අදහසයි.

මීට අමතරව, ඇමරිකානු වෙළඳපොළෙන් පරිබාහිරව විකල්ප වෙළඳපොළවල් සොයා බැලීම වඩාත් යෝග්‍ය බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ඇමෙරිකාව මීට පෙර මෙරට භාණ්ඩ සඳහා පැනවීමට යෝජනා කළ සියයට 44ක තීරුබද්ද සියයට 20 දක්වා අඩු කිරීම හේතුවෙන් ඇමෙරිකානු වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවට අනෙකුත් තරඟකාරී රටවල් හා සමාන තීරුබදු තත්ත්වයක් යටතේ කටයුතු කිරීමට හැකි වී ඇති බවද විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Related posts

Sri Lanka Best Employer Brand Award to IGP

Mohamed Dilsad

மகளிருக்கான பளுதூக்குதல் போட்டியில் இந்தியா 2-வது தங்க பதக்கத்தை வென்றது

Mohamed Dilsad

අසාද් සාලි රෝහල් ගත කරයි

Mohamed Dilsad

Leave a Comment