Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති ධූරය දැරූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.

විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න මහතා 2024 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ලෙස පත් කරන ලදී.

තිලකරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තාමර කළුබෝවිල මහතා පත් කර ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.

කළුබෝවිල වර්තමානයේ ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.

Related posts

US fires next shot in China trade war

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගෙදර යයි.

Editor O

මංතීරු නීතිය කඩ කළොත් දඩය 2000ක්

Mohamed Dilsad

Leave a Comment