Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකානු තීරු බදු, තවදුරටත් අඩු කර ගැනීමේ සාකච්ඡා ගැන රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

ඇමරිකාව සමඟ තීරුබදු තවදුරටත් අඩුකර ගැනීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වී ඇති බවට වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ඒ බව කීවේය.

මන්ත්‍රීවරයා මෙසේද කීවේය. ඇමරිකාව සමඟ තවමත් සාකච්ඡාවල අවසානයක් නොමැති බවට තොරතුරු ලැබී තිබෙනවා. මෑතකදී සාකච්ඡා පැවැත්වූ ලොව රටවල් රැසකට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවෙලා. ජපානය සහ පිලිපීනය වැනි රටවල් යම් මට්ටමකින් බදු නිදහස් කර ගෙන.

අපි පළමුව කරන්න ඕනේ මේ බංකොලොත්භාවයෙන් එළියට එන එක. ඒත් එක්කම ඇමරිකාව බදු දානවා නම් අපි ඒ ගැන කතා කරන්න ඕන. ලංකාවේ සම්පත් නිසි ලෙස භාවිතා කළ යුතුයි. ඇමරිකාවට අවශ්‍ය දේ කිරීමට සිදුවුවහොත්, අපි හරියට කේවල් කිරීමක් කරන්න ඕන” යැයිද කීවේය.

Related posts

இரண்டாம் தவணை ஆரம்பமாகும் முன்னர் சிரமதான நடவடிக்கைகள்-கல்வியமைச்சு

Mohamed Dilsad

பெயருக்காக பணியாற்றும் கட்சியல்ல மக்கள் காங்கிரஸ் – முன்னாள் மாகாண சபை உறுப்பினர் ரிப்கான் பதியுதீன் தெரிவிப்பு

Mohamed Dilsad

vivo S Series Debuts in Sri Lanka with S1

Mohamed Dilsad

Leave a Comment