Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීන ජනාධිපති සහ යුරෝපා කවුන්සිලය අතර විශේෂ සාකච්ඡාවක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යුරෝපා කවුන්සිලයේ සභාපති අන්ටොනියෝ ලුයිස් සන්ටොස් ද කොස්තා මහතා සහ යුරෝපා කොමිෂමේ සභාපතිනී උර්සුලා වොන් ⁣ලියෙන් මහත්මිය ඊයේ (24) පෙරවරුවේ බෙයිජිං නගරයේ දී.හමුවූහ.

බෙයිජිං හි පැවැත්වීමට නියමිත 25වැනි චීන – යුරෝපා සමුළුවට එක් වීම සඳහා යුරෝපා සංගමයේ සභාපතිවරු දෙදෙනා චීනය‍ට පැමිණ සිටින අතර ඒ අතර දෙපාර්ශ්වය හමුවූහ.

ෂී ජින්පිං මහතා එහිදී පැවසුවේ චීනය හා යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගතවූ වසර 50 තුළ, සහයෝගිතා ශක්තිමත් වී ඇති බවත්, එය සමස්ත ලෝකයට ම වැදගත් දායකත්වයක් ලබා දී ඇති බවයි.

ජාත්‍යන්තර තත්ත්වය වඩා වඩාත් තීව්‍ර තත්ත්වයක පැවතිය ද, ස්ථාවර, යහපත් චීන-යුරෝපා සබඳතා මත දෙපාර්ශ්වය ලෝකය වෙත වඩාත් වැඩි ස්ථාවරත්වයක් එක් කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

වේගවත්ව වෙනස් වන හා අවුල් සහගත ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, චීනයේ සහ යුරෝපයේ නායකයින් යළිත් දූරදර්ශීභාවයෙන් මෙන්ම වගකීමෙන් කටයුතු කරමින් ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලන නිවැරදි උපායමාර්ගික තේරීම් සිදු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර තිබෙනවා

යුරෝපා සංගමය සහ චීනය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් දෙක වන අතර, . ඵලදායී සහ ස්ථාවර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් අනුගමනය කිරීමෙන් පොදු ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දෙමින් ගෝලීය සාමයට සේවය කිරීමට චීනය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට යුරෝපා කවුන්සිලය බලාපොරොත්තු වන බවත් එහි සභාපතිවරයා සඳහන් කර ඇත.

Related posts

ලෝක දෙකක් එකතුකරන අලුත්ම ඇපල් හෙඩ්සෙට් එක

Mohamed Dilsad

Japanese Foreign Minister here for bilateral talks

Mohamed Dilsad

Train strike ends; Services as usual – Strict legal action if strikes continue

Mohamed Dilsad

Leave a Comment