Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම කරයි.

ආන්දෝලනයට තුඩු දී තිබෙන යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට තීරණය වී තිබේ. ඒ අනුව එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට නොගැනීමටද තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විශාල කතා බහක් ගොඩනැගී තිබෙන අතර ඊට ධනාත්මක මෙන්ම සෘණාත්මක ප්‍රතිචාරද ලැබී තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී පංතියක ළමයි සංඛ්‍යාව 20-30 දක්වා අඩු කිරීම, කාල පරිච්ඡේද ගණන අඩු කිරීම, පාසල් පැවැත්වෙන වේලාව සංශෝධනය සහ සමාජයේ හර පද්ධතීන් ඇතුළත් විෂයයන් පිළිබඳ වද මේ වන විට සමාජය තුළ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

Related posts

හෙට වතුර කපන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Richard Madden in talks for Marvel’s “Eternals”

Mohamed Dilsad

A person held by Navy with 1.460 kg of Kerala cannabis

Mohamed Dilsad

Leave a Comment