Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට විදේශ ගමන් තහනමක්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මෙහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය. ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ගැණින.

අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.

පොලිසිය සැක පළ කරන්නේ එම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවය. ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවන වරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ ප්‍රත්‍රයා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාළ ජීප් රථය මිලදී ගත් බවය.

එම ප්‍රකාශය අනුව පොලීසිය පසුගිය 19 වැනිදා පස්වරුවේ රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ කළුතර නාගොඩ පිහිටි නිවසට ගියද ඇය සහ සැමියා එහි නොසිටි බවද වාර්තා වුණා.

ඒ අනුව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට, මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කළේය.

Related posts

நாளை முதல் விஷேட புகையிரத சேவைகள்

Mohamed Dilsad

வெள்ளத்தால் இதுவரை முப்பதுக்கும் மேற்பட்டோர் பலி

Mohamed Dilsad

Trump unveils ‘merit-based’ immigration policy plan

Mohamed Dilsad

Leave a Comment