Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් ප්‍රධාන ලේකම්වරු කොළඹට කැඳවයි.

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් එළැඹෙන සතියේදී කොළඹට කැඳවන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කළේ,  එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවයි.

ඊට අමතරව පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කරන බව, අමාත්‍යවරයා කීවේය. ”පළාත් ලේකම්වරුන්ගේ සමුළුවක් දාලා තියනවා අවුරුද්දකට සැරයක් කරන එකක්.පළාත් සභා ක්‍රියාත්මක නැහැ මේ මොහොතේ…මේ මොහොතේ පළාත් ලේකම්වරුන්ට ලොකු කාර්යයක් පැවරෙනවා.ඒ පිළිබඳ අවධාරණය කිරිම හා ගැටළු පිලිබඳ සාකච්ජා කිරිම පළාත් සභා ස්ථාපිත කරන තුරු රජයේ ප්‍රතිපාදන වෙන් කර තිබෙන ව්‍යාපෘති පළාත් සභා හරහා විධිමත්ව ක්‍රියාත්මක කර ගැනිම මෙහි අරමුණ වන බවද අමාත්‍යවරයා කීවේය.

Related posts

கான்ஸ்டபில் மற்றும் வன அதிகாரி விளக்கமறியலில்…

Mohamed Dilsad

අද එන්න තිබූ පෙට්‍රල් නැව දිනයකින් පමා වෙයි

Mohamed Dilsad

Navy finds 85 kg of heroin on seized vessel

Mohamed Dilsad

Leave a Comment