Trending News

කටුනායක ගුවන් තොටුපොළ ආසන්න ප්‍රදේශයේ සරුංගල් යවන්න එපා

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු පවසා සිටියේ, මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අරුණ රාජපක්ෂ මහතා, “ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. 

එමනිසා අපි ඉල්ලා සිටිනවා ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස.

ඒ වගේම අඩි 300ට වඩා වැඩි ඉහළකින් සරුංගල් යැවීම සිදුවුවහොත් ඒ සඳහා නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා” යනුවෙන් පැවසීය.

Related posts

கட்டுப் பணம் செலுத்தும் நடவடிக்கைகள் நண்பகலுடன் நிறைவு

Mohamed Dilsad

CaFFE to deploy 7,500 election monitors

Mohamed Dilsad

Will Smith has become ‘more fearful’ with age

Mohamed Dilsad

Leave a Comment