Trending Newsඑසැන පුවත්දේශීය

ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම ට කරන්න යන දේ

ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කාලයේද සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. ඒ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර පැවසුවේ එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.

“මේක වැඩිදියුණු කරලා සංචාරක ආකර්ෂණය වැඩි කළාට පස්සේ මෙම ස්ථානය නැරඹීමට යෑමේදී යම් මුදලක් ගෙවීමට සිදුවෙයි. දේශීය සංචාරකයින් සඳහා අවම මුදලක් අය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ.”

දුම්රිය මැදිරි යොදාගනිමින් නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ නිර්මාණය කර ඇති සංචාරක හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කළ දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර එම ව්‍යාපෘතිය සංචාරකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දීමේ අදහසින් සකස් කර තිබෙනවා.. අගෝස්තු මාසයේ මුල වෙනවිට එය සංවර්ධනය කරලා සංචාරකයින් සඳහා විවාත කරන්න බලාපොරොත්තු වෙනවා. යැයි ද කීවේය.

Related posts

குழந்தைக்கு மதுபானம் கொடுத்த தந்தை உட்பட நால்வர் கைது !

Mohamed Dilsad

Facebook hits back at former Executive Chamath Palihapitiya

Mohamed Dilsad

දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment