Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

එංගලන්තයේ ඡන්ද අයිතිය අවුරුදු 16 සිට

එංගලන්ත රජය විසින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙය 1969 සිට එරට ඡන්ද පද්ධතියට සිදුවූ විශාලතම ප්‍රතිසංස්කරණය ලෙස සැලකේ.

මෙම ප්‍රතිසංස්කරණය හරහා ස්කොට්ලන්තය සහ වේල්ස් හි දැනටමත් මෙම වයස් කාණ්ඩවල තරුණයන්ට ඡන්දය ලබා දීමට ඇති හැකියාව ක්‍රියාත්මකය. ඔවුන්ට එංගලන්තයෙන් නිකුත් කරන ලද බැංකු කාඩ්පත් සහ ඩිජිටල් හැඳුනුම්පත් පිළිගත් Voter ID ලෙස භාවිත කළ හැකි වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් පවසන්නේ “ඔවුන් වැඩ කරනවා, බදු ගෙවනවා, යුද හමුදාවට එකතු වෙනවා, එසේනම් රට පාලනය කිරීම පිළිබඳව ඔවුන්ට අදහසක් පළ කිරීමට අවස්ථාව තිබිය යුතුය” යනුවෙනි.

නමුත් විපක්ෂයේ නීතිඟ්හයන් පවසන්නේ 16 හැවිරිදි පුද්ගලයකුට ඡන්දය පළ කළ හැකි නමුත් මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව පෙන්වා දී ඇත.

Related posts

මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්

Mohamed Dilsad

“Bill and Ted Face the Music” filming kick off

Mohamed Dilsad

விசேட கண்காணிப்பு நடவடிக்கைகள் – பரீட்சைத்திணைக்களம்

Mohamed Dilsad

Leave a Comment