Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා මැතිවරණය කල්යයිද..?

පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ පවතින විවිධ නීතිමය ගැටලු මත මැතිවරණ කොමිෂන් සභාව තවමත් ඒ සඳහා සූදානම් නොවීමයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර, පාර්ලිමේන්තුවෙන් නව නීති කිහිපයක් කඩිනමින් සම්මත කිරීම අත්‍යවශ්‍ය බවයි.

එම නීති සම්මත වන තෙක් මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දෙමළ ජනතාවට බලය බෙදීමේ අපේක්ෂාවෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙරට පළාත් සභා නවයක් පිහිටුවා ඇත. කෙසේ වෙතත්, මෙම පළාත් සභා නවයම වසර දහයකට අධික කාලයක් තිස්සේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතී.

Related posts

Water Board Trade Unions call off strike

Mohamed Dilsad

சிரிய ஜனாதிபதி கிழக்கு கௌட்டாவிற்கு விஜயம்

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, 20-20 ක්‍රිකට් තරඟය අද රෑ 07 ට දඹුල්ලේදී

Editor O

Leave a Comment