Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවේ සියයට 30 බද්ද අනුව, ඇමරිකාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වැඩි කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සූදානම් වෙයි..?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 30% අන්‍යෝන්‍ය තීරුබදු සහනය තහවුරු කර ගැනීම සඳහා දෙරට අතර දැනට පවත්නා වෙ⁣ළෙඳ පරතරය අඩුකර ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ඇමෙරිකාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වැඩි කිරීමට තීන්දු කර ඇත. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවයෙන් කොටසක්, මෙරට පෞද්ගලික අංශයට අදාළ සමාගමකට බොයිං වර්ගයේ ගුවන් යානා තුනක් සහ සෝයා නිෂ්පාදන අමුද්‍රව්‍ය මෙහිදී මුලින්ම මිලදී ගැනීමට යෝජනා කර ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මීට අමතරව දෙරට අතර ආනයන අපනයනවලදී දැනට බලපවත්වන වැට් බදු ඉවත් කර එයින් සහනයක් ලබාදීමටත් යෝජනා කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දැක්ම අනුව වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීම නිසා එම සහනය ප්‍රදානය කරන ලෙසද එරටින් ඉල්ලීමක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ.

–දේශය

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ට නොතීසි.

Editor O

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී

Editor O

புறக்கோட்டை – கேசர் வீதி பிரதேசத்தில் வெளிநாட்டவர் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment