Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක නිල නිවස භාවිතය පිළිබඳ තොරතුරු පනතින් තොරතුරු ඉල්ලයි.

නව ජනතා පෙරමුණ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමේ නිලධාරින් වෙත ලිපියක් බාර දෙමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එම කතානායක ධුරයට පත් වු දා සිට 2025 ජුලි මස 09 වන දින දක්වා කතානායක නිල නිවසේ දී පවත්වන ලද හමුවීම් හා ඒ හා සබැඳි තවත් කාරණා කිහිපයකට  අදාළව තොරතුරු  ඉල්ලා සිටින ලදී.

මෙම ඉල්ලීම නව ජනතා පෙරමුණ නායක සූගීෂ්වර බණ්ඩාර මහතාගේ උපදෙස් මත නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතාගේ අත්සනින් යුතුව ලිපියක් පාර්ලිමේන්තුවට බාර දෙමින් සිදු කරන ලදී.

ඒ අනුව ප්‍රධාන වශයෙන් කාරණා 03 ක් යටතේ තොරතුරු ඉල්ලා සිටින ලදී.

එනම්,

1) කතානායක නිල නිවස තුළ වත්මන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් වු දින සිට අද දක්වා (2025 ජුලි 09 ) ව්‍යවස්ථා දායක සභාව රැස්වී තිබේද?  රාජ්‍ය තාන්ත්‍රික හමු පවත්වා තිබේ ද?  භෝජන සංග්‍රහා හා වෙනත් කුමන ආකාරයක උත්සව පවත්වා තිබේ ද?

– එවැනි හමු වීම් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව දිනයන් සමග තොරතුරු මොනවාද?

2) කතානායකතුමන්ගේ නිල නිවසේ සේවය කරන කාර්ය මණ්ඩලය කොපමණද? ඒ කුමන තනතුරු දරණ නිළධාරීන් ද?

3) කතානායකතුමන්ගේ නිල නිවසට පාර්ලිමේන්තු සැපයුම් අංශයෙන්  උත්සවයන් / හමුවීම් සඳහා හෝ වෙනත් කුමන ආකාරයකින්  ආහාර සපයා තිබේ ද ? සපයා තිබේනම් ඒ පිළිබඳ විස්තර මොනවාද?

Related posts

2018 இன் பணக்கார டாப் 12 நகரங்களின் நியூயோர்க் நகரம் முதலிடத்தில்?

Mohamed Dilsad

Earthquake in Northeast India

Mohamed Dilsad

Forty-six swords discovered in Slave Island

Mohamed Dilsad

Leave a Comment