Trending Newsඑසැන පුවත්දේශීය

සීතාවක ප්‍රාදේශීය සභාව ගැන අභියාචනාධිකරණයේ තීරණය

සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සමේ නියෝගය ලබන සදුදා දින (14) ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම්දීම තිබේ.

එදින තෙක් අදාළ නිලතල සඳහා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නොපවත්වන ලෙස වග උත්තරකාර පාර්ශ්වයට උපදෙස් දෙන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම්දී තිබිණ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාග කරනු ඇත.

සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබිණ.

පෙත්සම්කරුවන් පවසන්නේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුව තිබියදී සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කරගැනීමට පසුගියදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානයත්වයෙන් රැස්වීමක් පැවැති අතර එහිදී අදාළා තෝරා ගැනීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කළ බවයි.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ගෙන ඇති  අදාළ තීරණය නීතියට පටහැනි බවත් එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Related posts

රටේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල මගීන් ට ආසන පටි අනිවාර්යයි

Editor O

පැරණි ලංගම බස්රථ මුහුදේ ගිල්වයි

Mohamed Dilsad

Leave a Comment