Trending Newsඑසැන පුවත්දේශීය

උතුරු මාර්ගයේ දුම්රිය කාල සටහන ට සංශෝධනයක්

මහජනතාවගේ ඉල්ලීම මත උතුරු මාර්ගයේ ධාවනය කරනු ලබන දුම්රිය වේලාවන් සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කර ඇත. මෙම සංශෝධනය 2025 ජූලි 07 සිට දිනපතා ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන්.

එතෙක් සති අනත්යේදී කොළඹ කොටුවෙන් ආරම්භ කර ධාවනය කරන ලද අංක 4021 නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමටත් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4022 දුම්රිය ගල්කිස්ස දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (10) දිනයේ සිට සැලසුම් කල පරිදි අංක 4021 දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට සහ අංක 4022 දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Related posts

Fairly cold weather is expected to continue over the island

Mohamed Dilsad

ජනපති ගුවන් තොටුපල හදිසි නිරීක්ෂණයක (video)

Mohamed Dilsad

නාවිකයන්ගේ පවුල්වල තවත් පිරිසක් නිරෝධායනය අවසන්කර පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment