Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 161 දෙනෙක් අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.

මියගිය පිරිස අතර ළමා කඳවුරක සිටි ගැහැණු ළමුන් 27 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය වන බවට වාර්තා වෙයි. අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය ඉදිරියටත් අයහපත් වනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා තිබෙනවා.

නව මෙක්සිකෝ ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බව සඳහන්. එම ප්‍රදේශයේ පියෙකු සහ දරුවන් දෙදෙනෙකු ගංවතුරට ගසාගෙන ගොස් ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

ජීවිත හානි වැඩි වීමත් සමඟ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිසි පරිදි ලබා දී තිබේද යන්න පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බව  විදෙස් වාර්තාවල සඳහන්

Related posts

தேசிய இளைஞர் விருது விழா…

Mohamed Dilsad

ரத்துபஸ்வெல சம்பவம் – சட்டமா அதிபரால் குற்றப்பத்திரிகை தாக்கல்

Mohamed Dilsad

பாராளுமன்றத்தில் அமைச்சர் ரஞ்சன் வெளியிட்ட உண்மை இதோ…..

Mohamed Dilsad

Leave a Comment