Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කළත් : නඩු පැවරීම් ප්‍රමාදයි …?

නීති විරෝධී පිරමීඩාකාර ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 22 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක්කර ඇතත්, එම එකදු ආයතනයකට විරුද්ධව නඩු පවරා නැතැයි වාර්තා වේ. පිරමීඩාකාර යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (08) පැවැති වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නීති විරෝධී පිරමීඩාකාර ක්‍රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධව පරීක්ෂණ සිදුකිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ගොනු භාරදී ඇත.

ඉන් පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ ඒකකය විසින් සිදු කර ඇත. කෙසේනමුත්, මෙම විමර්ශන සම්පූර්ණයෙන් අවසන්වීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පැවරීමට නියමිත වූවත්, මෙතෙක් ඊට අදාළව එකදු නඩුවක්වත් පවරා නැතැයි අනාවරණය වේ. මෙම පිරමීඩාකාර ආයතන සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද මහ බැංකුව කියයි.

මේ වසර අවසානයේදී හෝ ලබන වසර (2026) මුලදී මෙම නීති විරෝධී පිරමීඩ ක්‍රම පවත්වන ආයතනවලට විරුද්ධව නඩුවක් හෝ දෙකක් ගොනු කෙරෙනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂාවෙන් පසුවෙයි.

Related posts

ஜனாதிபதி தேர்தல் களத்தில் சமல் ராஜபக்ஸ

Mohamed Dilsad

සති 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,900ක්

Mohamed Dilsad

பிரதமர் மோடியின் உலங்கு வானூர்தி காரணமாக ஹட்டனில் 3 வீடுகள் கடும் சேதம்!

Mohamed Dilsad

Leave a Comment