Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක ආර්ථික සමුළුවේ පච නොවී ඉංග‍්‍රිසි පුළුවං කෙනෙක් ගියා නම් රටට නම්බුයි..

පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසි බැරි තමන්ට පමණක් යැයි සිතා සිටිය ද බොහෝ දෙනෙකුට නොහැකි බව අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (08) පාර්ලිමේන්තුව අමතමිනි.

පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ චාමර සම්පත් මහතා මෙසේ ද කීවේය. “ඉංග්‍රීසි බෑ කියලා මම තමයි මේ පාර්ලිමේන්තුවේ පළවෙනි වතාවට කිව්වේ. වෙන කවුරුවත් කිව්වේ නෑ. මං හිතුවේ මම විතරයි කපුටාස් කියලා. බලාගෙන යද්දි ඔක්කෝම කපුටාස්ලා. අපි පිළිගන්න ඕන අපට බැරි දේ. මාතරින් බදුල්ලෙන් මයියංගණෙන් අපි ආවම අපි රෝයල් නෙමෙයිනෙ.

අපිට බැරි දේ අපි පිළිගන්න ඕන. ලෝක ආර්ථික සමුළුව වගේ තැනකට ගිහින් පච වෙනවාට වඩා පුළුවන් කවුරු හරි එක්ක ගෙන ගිහින් වැඩේ කළා නම් රටටත් නම්බුවක්.

Related posts

அமைதியான முறையில் தேர்தல்கள் இடம்பெற்று வருகின்றன

Mohamed Dilsad

දිනකට පස් දෙනෙක් මොලොව හැර යන ලෙඩේ…..

Editor O

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහළට

Editor O

Leave a Comment