Trending Newsඑසැන පුවත්දේශීය

කන්ටේනර් 323 මුදාහැරි රේගු නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක්…?

ස්කෑන් පරීක්ෂාවේදී අන්තර්ගතය සහ ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතා මතුව තිබියදී භෞතිකව පරීක්ෂා කරන ලෙස ලබා දී තිබූ නිර්දේශ ද නොතකමින් රතු ලේඛල් බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කළ රේගු නිලධාරීන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ විමර්ශන කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන් වන්නේ යයි සන්ඩේ ටයිමිස් වාර්තා කරයි.

පසුගිය ජනවාරි මාසයේදී රේගු පරීක්ෂාවකින් තොරව 300 කට වැඩි බහාලුම් ප්‍රමාණයක් කොළඹ වරායෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ සිවු දෙනකුගෙන් යුත් කමිටුව මෙම අවසන් වාර්තාව නිකුත් කර ඇත.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ නිරීක්ෂණය වී තිබුණේ රතු ලේබල් කරන ලද බහාලුම් ඇතුළුව බහාලුම් 309 ක් ජනවාරි මාසයේ දී රේගුව භෞතික පරීක්ෂාවකට ලක් නොකර මුදා හැර ඇති බවයි.

භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුමක් නිදහස් කිරීමට අවම වශයෙන් ස්කෑන් පරීක්ෂාව සිදු කළ යුතු යැයි යන නිර්දේශය නොසලකමින් රතු ලේබල් 151 න් 37 ක් නිදහස් කර ඇතැයි කමිටුව සටහන් කර ඇත.

එලෙස ස්කෑන් පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීමෙන් එම බහාලුම්වල සැක සහිත හෝ තහනම් භාණ්ඩ අඩංගු නොවූ බවට අවම අවදානම් සහතිකය ලබා දීමට අසමත් වී තිබෙන බව ද එම කමිටුව පෙන්වා දී තිබේ.

ස්තැන් කරන ලද ” රතු” බහාලුම් 114 අතර පවා ” ඝනත්ව වෙනස්කම් ” සහ භාණ්ඩ මිශ්‍රණයක් පවතින බව ස්කෑන් පරීක්ෂාව කළ නිලධාරීන්ගේ සටහන්වලින් පෙන්නුම් කර තිබූ බව කමිටුව සඳහන් කර ඇත.

ඒ අනුවල එම බහාලුම් කිහිපයක අඩංගු දෑ සහ ප්‍රමාණ පිළිබඳව මතු වූ අවිනිශ්චිතතා හේතුවෙන්, භෞතික පරීක්ෂාවක් හරහා තවදුරටත් විමර්ශනය කිරීමට ස්කෑන් පරීක්ෂාව කළ නිලධාරීන් නිර්දේශ කර තිබූ බවත් එම නිර්දේශ නොසලකා හරිමින් බහාලුම් නිදහස් කර ඇති බවත් කමිටු වාර්තාවේ සඳහන් වේ.

පසුගිය ජනවාරි මාසයේ උද්ගත වූ මෙම සිදුවීමට පෙර 2024 වසරේ ජුලි මාසයේ සිට ඇතිව තිබූ බහාලුම් තදබදය අවම කිරීමට සඳහා පත් කළ කමිටුව 13 වතාවක් මුණගැසී තිබූ බවත්, එහිදී භෞතික පරීක්ෂාවකින් තොරව රතු ලේබල් බහාලුම් 999 ක් සහ කහ ලේබල් බහාලුම් 1,219 ක් නිදහස් කර ඇතැයි අනාවරණය වී තිබිණි.

Related posts

இரத்தினபுரி, நிவிதிகல பாடசாலைகள் இன்று மூடல்

Mohamed Dilsad

Two more Navy personnel arrested by CID

Mohamed Dilsad

சுவிஸ் தூதரக அதிகாரிக்கு வெளிநாடு செல்ல தடை

Mohamed Dilsad

Leave a Comment