Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආදායම් බලපත්‍ර ගැන දැනුම්දීමක්

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිව වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පැවසුවේ පසුගිය 03 වැනි දින සිට ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් අත්හිටුවා ඇති බවය.

ඒ අනුව මෙම සේවාවන් එළැඹෙන 09 වැනි දින දක්වා ක්‍රියා විරහිතව පවතින බවද එම ආයතනය පවසයි.

ක්‍රියා විරහිත වී ඇති මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට එම ආයතනය කටයුතු කරමින් පවතින බවද එම ආයතනය දැනුම් දී ඇති අතර සේවාවන් යථා තත්ත්වයට පත් වූ පසු මේ සම්බන්ධව නිල වශනේ නිවේදනය කරන බවද එම ආයතනය සඳහන් කළේය.

Related posts

திருகோணமலையில் பாய்மர அணி திறப்பு

Mohamed Dilsad

நாட்டுக்காக ஒன்றிணைந்து பொருளாதார பிரச்சினைகளில் இருந்து நாட்டை மீட்க செயற்படுவது அனைவரினதும் பொறுப்பு

Mohamed Dilsad

President thanks all the Party Leaders

Mohamed Dilsad

Leave a Comment