Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය

ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු සහ වියදම් පනත එරට කොංග්‍රස් මණ්ඩලය සම්මත කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පැවති ජන්ද විමසීමේදී ජනාධිපති ට්‍රම්ප්ගේ බදු සහ වියදම් පනතට පක්ෂව ඡන්ද 218 ක් හිමි වූ අතර ඊට විරුද්ධව ප්‍රකාශ කෙරුණේ ඡන්ද 214 ක් ලැබී ඇත.

නව පනත සම්මත කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලයට ජුලි 04 වන දින අවසන් දිනය ලෙස ලබා දී තිබුණු පසුබිමක මෙම ජයග්‍රහණය ඇමෙරිකා ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ දේශීය වැඩපිළිවෙල ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර නව පනත පසුගිය අගහරුවාදා සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් වැඩි ඡන්දයකින් අනුමත වී තිබුණි.

මේ එනව පනත හරහා ඇමෙරිකාවේ මිලියන ගණනක සෞඛ්‍ය රක්ෂණාවරණය අහිමි වීම නිසා එමඟින් ඩොලර් මිලියන ගණනක් ඉතිරි කළ හැකි බව කොංග්‍රසය පෙන්වා දී තිබේ.

එමෙන්ම අමෙරිකාව සිය රටට එක් එක් රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන තීරුබදු අනුපාත සඳහන් කරමින් එම රටවලට ලිපි යැවීම අද (4) සිට ආරම්භ කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ අකර ඇත.

Related posts

අභිරහස් මරණයක් – දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 285ක්

Mohamed Dilsad

தெற்காசியாவில் நிலையான சமாதானம் உருவாகுவதற்கு முரண்பாடுகளிற்கான தீர்வுகள் ; இன்றியமையாததாகும்- பாகிஸ்தான் உயர் ஸ்தானிகர்

Mohamed Dilsad

Leave a Comment