Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රෝයල් නර්සින් හෝම් වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස සම්මාන දිනයි

ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම සම්මාන පිදුම් ලැබීය. සම්මන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂත් ලෙස පැවැත්විණි.  2007 වර්ෂයේදී ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම 1600කට වැඩි හෙද කාර්ය මණ්ඩලයක් සේවය කරන ශ්‍රී ලංකාවේ විශාලම හා ප්‍රමුඛම හෙද නිවාස ජාලය වන අතර ආයතනයේ ගිලන් රථ අංශය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයක් සතු වැඩිම ගිලන් රථ සංඛ්‍යාවට හිමිකම් කියයි.

2020 වර්ෂයේදී කොරෝනා වසංගතය ආරම්භ වූ අවස්ථාවේම පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් තම ආයතනය සතු වූ දැඩි සත්කාර ඒකක පහසුකම් සහිත රුපියල් මිලියන 50ක වටිනාකමින් යුත් ගිලන් රථ දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතනය වන්නේද රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමයි. සම්මාන උළෙලේදී සිදු වූ සුවිශේෂ සිදුවීමක් වන්නේ ආයතනයේ ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතාගේ අදහසකට අනුව එම සම්මානයේ සැබෑ කොටස්කරුවන් වන ආයතනයට වසර ගණනාවක් සේවය කළ රියැදුරු මහත්වරුන් ආයතනය නියෝජනය කරමින් සම්මානය ගැනීමට වේදිකාවට පැමිණීමයි. එය සම්මාන උළෙලට සහභාගී වූ සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක් විය.

Related posts

මහනුවර දිස්ත්‍රික්කය – වත්තේගම නගර සභාව

Editor O

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

Nugegoda Joint Opposition rally postponed

Mohamed Dilsad

Leave a Comment