Trending Newsඑසැන පුවත්දේශීය

ඊලොන් මස්ක්ට, රනිල් වික්‍රමසිංහ ස්තූති කරයි.

ස්ටාලින්ක්’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබේ. 

නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, නුදුරු දිනකදීම තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය. එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති 10වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමුවිය. එය ස්ටාලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භය වේ.

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ ‘X’ ගිණුමෙහි සටහනත් තබමින් පවසා සිටියේ, ‘ස්ටාලින්ක් අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවය. මෙම ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම ස්ටාලින්ක් අන්තර්ජාල සේවාව වේගවත්ය.

සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා ‘විදුලි සංදේශ සේවා සැපයුම්කරු’ බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉකුත් 2024 වසරේ දී කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම ස්ටාලින්ක් අන්තර්ජාල සේවාව වේගවත්ය.

Related posts

Far-right candidate wins first round in Brazil

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 1900ක ට අධික පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ විසින් භීෂණ සමයේ දී ඝාතනය කළා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

මැයි 11 සිට සරල කල වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment