Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව දන්නා එකම දේ විපක්ෂ දේශපාලනඥයින් සිරගත කිරීම පමණයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

විදෙස් ණය 2028 වසරේදී ආපසු ගෙවීම සඳහා වත්මන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක්, සැලැස්මක් හෝ වුවමනාවක් නොමැති බවත් ඔවුන් දන්නා එකම දේ ලෙස විපක්ෂ දේශපාලනඥයින් සිරගත කරමින් සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වීරවංශ මහතා මෙසේ ද කීවේය. “මේක 2028 නැවත ණය ගෙවන්න සිද්ධ වෙන රටක්. ඒවාට කිසිම සැලැස්මක්, කිසිම ක්‍රියාමාර්ගයක් නෑ. බන්ධනාගාර බස් රථයට විතරක් වැඩ තියෙනවා, එච්චරයි. ආණ්ඩුවට වෙන කරන්න කිසිදෙයක් තේරෙන්නෙත් නෑ, දන්නෙත් නෑ, ඕනෙකමකුත් නෑ. දන්න එකම දේ ඒක විතරක් කරන් ඉන්නවා. ඉතින් ඒක විතරක් කරලා 2028 ණය ගෙවන්න ලැබෙනවා නම් ඉන්න ඔක්කෝම ඇතුළට දැම්මත් කමක් නෑ”

ප්‍රශ්නය – මේගොල්ලන්ටත් ඔය ඉරණමම අත්වෙයිද ? “සෑම ක්‍රියාවකටම සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් තියෙනවා”

ප්‍රශ්නය – පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න විපක්ෂයෙන් ආණ්ඩුවට සපෝට් එකක් දීලා තියෙනවා ?

“ඒක සජිත් ප්‍රේමදාසගෙන් අහන්න”

Related posts

Australia turfs out Twenty Lankan asylum seekers to Christmas Island

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ පාක්ෂිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

என்டர்பிரைஸ் ஸ்ரீலங்கா கண்காட்சியின் இறுதிநாள் இன்று

Mohamed Dilsad

Leave a Comment