Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභා රැස්වීමට ඒසී දාන්න දවසට ලක්‍ෂ හතරක්..

කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන දිනකට වායු සමීකරණ එසේත් නැත්නම් ඒසී යන්ත්‍රයක් සඳහා පමණක් රුපියල් ලක්‍ෂ 4ක පමණ මුදලක් වැය කරන බව එම නගර සභාවේ සමඟි ජනබලවේයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා පැවසීය. කොළඹ මහ නගර සභා ශ්‍රවණාගාරයේ මහ සභා රැස්වීමේදී රෝයි බෝගහවත්ත මහතා එසේ පැවසීය.

වායු සමීකරණ යන්ත්‍ර සහ ශබ්ද විකාශන උපකරණ ඇතුළු උපකරණ සඳහා මාසිකරැස්වීමක් වෙනුවෙන් ලක්‍ෂ ගණනක මුදලක් වැයකරන බවත් තව දුරටත් එම මුදල් නාස්තිය නොකර නගර සභාවේ මුදලින් එම උපකරණ මිලදීගැනීමට කටයුතු කළ යුතු බවත් බෝගහවත්ත මහතා කීය.

වර්තමාන ජාතික ජනබලවේග නගර සභාවේ උප නගරාධිපති හේමන්ත කුමාර මහතා රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධූරය දරණ කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී වායු සමීකරණ යන්ත්‍ර සඳහා කරන වියදමට විරෝධය දැක්වූ බව කී බෝගහවත්ත මහතා දැන් හේමන්ත මහතාට එම වියදම් කපාහැරීමට කාලය පැමිණ ඇති බව ද සඳහන් කළේය.

එහිදී නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සහ උප නගරාධිපති හේමනත් කුමාර මහතා පැවසුවේ තමන් පාලනය භාරගත්තා පමණක් බවත් එම වියදම් කපා හැරීමට බලාපොරොත්තුව වන බවත්ය.

-ලංකාදීප-

Related posts

Minister Bathiudeen pledges support to President’s fight against drug trafficking in Sri Lanka

Mohamed Dilsad

தொலைத் தொடர்புக் கட்டணங்கள் குறைக்கப்பட்டுள்ளது

Mohamed Dilsad

விவசாயத்துறை அமைச்சராக மஹிந்த அமரவீர…

Mohamed Dilsad

Leave a Comment