Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුව, සමලිංගික විවාහ පනත් කෙටුම්පත සම්මත කරාවිද…? ඒ් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කළ ප්‍රකාශය මෙන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසීය. මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රජය සමග මෙම පනත  සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය. එමෙන්ම ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස තමා ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මානව හිමිකම් මහකොමසාරිස්, “සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ණ කටයුතු යළි ආරම්භ කිරිම ධනාත්මක පියවරක් බවද කිව යුතුයි. තවද ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම වැදගත් වෙනවා” යනුවෙන්ද පැවසීය.

Related posts

கொழும்பு – கொட்டாஞ்சேனை துப்பாக்கிச் சூட்டு சம்பவம்-ஒருவர் காயம்

Mohamed Dilsad

“Sri Lanka handlooms go hi-tech after decades” – Minister Bathiudeen

Mohamed Dilsad

සරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment