Trending Newsඑසැන පුවත්දේශීය

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ජූලි 08 වෙනිදා දක්වා රිමාන්ඩ්

වැඩි මිලට බෙහෙත් ද්‍රව්‍ය මිල දී ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) දින ප්‍රතික්ෂේප කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය එම සැකකරුවන් ලබන (08) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

රෝගීන් වෙත වෛද්‍ය උපකරණ වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවක් මත විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අතුළු තිදෙනෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණින.

Related posts

Dinusha Gomes wins bronze at Commonwealth Games

Mohamed Dilsad

යාපනයේ සියලු සිනමා ශාලා වැසෙයි

Mohamed Dilsad

மாணவர்களுக்கு வவுச்சருக்கு பதிலாக சீருடைக்கான துணி

Mohamed Dilsad

Leave a Comment