Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තෙල් මිල ගැන සිපෙට්කෝ වෙතින් ප‍්‍රකාශයක්

දේශීය වෙළඳපොළ තුළ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් මෙම අවස්ථාවේ සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මැද පෙරදිග යුදමය තත්ත්වය මත ඉදිරියේදී ඇතිවන වාතාවරණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පිළියම් යෙදීමට දැනටමත් සැලසුම් කරමින් සිටින බවද සංස්ථාව කියා සිටී.

දැනට පවතින මැදපෙරදිග උණුසුම් තත්ත්වයේ බලපෑම එළඹෙන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේදී මෙරටට එල්ල වීමට හැකියාව පවතින බවද සංස්ථාවේ අදහසයි.

ඒ අනුව ඉන්ධන සැපයුම් දාමයට බාධා ඇති වුවහොත් නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයකින් ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාව අදහස් කර සිටියි. ඊට අදාළව තෙල් සාම්පල් පරීක්ෂා කරවීමටද සංස්ථාව සූදානම් වෙයි.

Related posts

උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් වාහන කිහිපයක් අත්අඩංගුවට

Mohamed Dilsad

බස්නාහිර නිරෝධායන කටයුතු පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 14ක්

Mohamed Dilsad

Government to ban begging in capital from Jan. 01

Mohamed Dilsad

Leave a Comment