Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන සභිකයින් 200කගේ නාම ලේඛන, මැතිවරණ කොමිෂන් සභාවට ලැබී නැතිලු

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ප්‍රමාදයකින් තොරව නම් ඉදිරිපත් කරන ලෙස නැවත වරක් දැනුම් දී ඇති බවයි.

මේ අතර, අලුතින් තේරී පත් වූ සභිකයින් 17 දෙනෙකුගේ නම් ඊයේ වන විට රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත මැයි 31 දින වන විට ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මින් පෙර දැනුම් දී තිබිණ.

Related posts

விளையாட்டு மைதானம் வெட்ட இடம் கொடுக்க மறுத்த பொகவந்தலா ஆல்டி தோட்ட நிர்வாகத்திற்கு எதிராக ஆர்பாட்டம்

Mohamed Dilsad

“China will not be allowed to use port for military purposes” – President

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්

Editor O

Leave a Comment