Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ ඒ මහතා එළැඹෙන ජුනි 23 වැනිදා සිට 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇති බවය.

2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බවද අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිතය.

තවද විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු හමුවීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග රැස්වීමක් ද පැවැත්වීමටද නියමිතව ඇත.

ඒ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර පූජනීය දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමටද නියමිත අතර මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හී මහනාහිමිවරුන් හමුවීමට නියමිත බවත් යාපනය සහ ත්‍රිකුණාමලය වෙත සංචාරය කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට නියමිත බවද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

Related posts

දුම්රිය සේවකයින්ගේ සාකච්ඡා අසාර්ථක වෙයි

Mohamed Dilsad

அம்பாறை-திருக்கோவில் பிரதேச சபை

Mohamed Dilsad

India expects new Govt. to take forward national reconciliation process

Mohamed Dilsad

Leave a Comment