Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ගමන් බලපත්‍ර ගැන දැනුම්දීමක්

එක්දින සේවය යටතේ සතියේ දින 05 තුළ පැය 04 ක් තුළ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට තම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, රාත්‍රී කාලයේ සිට පෝලිම්වල රැදී සිටිමින් කාලය නාස්ති කිරීමෙන් වළකින ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, එක්දින සේවය යටතේ දිනකට විදේශගමන් බලපත්‍ර 2000 ක් පමණ නිකුත් කරන බැවින් දිගුපෝලිම්වල රැදී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

පසුගිය කාල සීමාව තුළ විදේශගමන්බලපත්‍ර ලබාගැනීම සදහා දිවා රාත්‍රී දිගු පෝළීම් පැවතීම හේතුවෙන්, සතියේ දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දිවා රාත්‍රී පැය 24 සේවාව ආරම්භ කෙරිණ.

කෙසේවෙතත්, තදබදය මේ වන විට අවසන්ව ඇති හෙයින් වැඩකරන දිනවල උදෑසන 06 සිට පස්වරු 02 දක්වා ටෝකන් ලබාදෙයි.

Related posts

සිනොවැක් එන්නත් මාත්‍රා මිලියනයක පරිත්‍යාගයක්

Mohamed Dilsad

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment