Trending Newsඑසැන පුවත්දේශීය

උදය ගම්මන්පිළ ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑතකාලීන ජර්මානු සංචාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ, ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුවයි.

ජනාධිපතිවරයා ජර්මනියේදී එරට සිටින දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) නායකයන් හමුවූ බවට උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ පැමිණිලිකරුවන් ඉල්ලා තිබේ. ඒ අනුව, මේ පිළිබඳව උදය ගම්මන්පිල මහතාගෙන් ඉක්මනින් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

இலங்கை கிரிக்கெட் அணி அடுத்த வருடம் அவுஸ்திரேலியாவுக்கு பயணம்

Mohamed Dilsad

Navy recovers over 150 kg Kerala cannabis from Urumalei

Mohamed Dilsad

මේ ආණ්ඩුවත් යන්නේ කලින් ආණ්ඩුව ගිය පාරේමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment