Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම “ජන­ව­රම පාවා­දී­මක්” – විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම “ජන­ව­රම පාවා­දී­මක්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරයි. විදුලි ගාස්තුව 15%කින් ඉහළ දම­න්නට රජය කට­යුතු කර ඇති බවත් මහ­ජන උප­යෝ­ගීතා කොමි­සම මෙම තීර­ණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩ­ලය සිදු කරන ලද යෝජ­නා­වක් අනුව බවත් ඒ මහතා පවසයි.

මේ විදුලි ගාස්තු වැඩි කිරීම ජන­ව­රම පාගා දැමී­මක් සහ ජන­තා­වගේ හඬට ඇහු­ම්කම් නොදී­මක් මෙන් ම මෙරට ජන­තාව රැව­ටී­මක් බවත් විපක්ෂ නාය­ක­ව­රයා පවසන්නේය. විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරිම ගැන ඊයේ (11) විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කර­මිනි.

විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ඊළග වාරි­කය ලබා ගැනී­මට බවත් විස්තී­රණ ණය පහ­සු­කම ලබා දීමට නම් විදුලි ගාස්තු වැඩි කරන ලෙසට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල කොන්දේසි දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කරයි.

මාලි­මාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙර­මුණ සිය මැති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශය හරහා නව අයි එම් එෆ් ගිවි­සු­ම­කට, එක­ග­තා­ව­කට ප්‍රවේශ වන බවට පැව­සු­වත් බලය ලැබුණු විග­සම පැවති රජයේ අයි එම් එෆ් ගිවි­සුම අකු­රක් නැර ඉදි­රි­යට ක්‍රියා­ත්මක කර­මින් ජන­ව­රම පාවා­දෙ­මින් ජන­ව­රම උල්ලං­ඝ­නය කර­මින් ජන­ම­ත­යට පයින් ගසා ඇති බවත් ඔහු වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

Related posts

Astronaut Buzz Aldrin sues his children for misuse of finances

Mohamed Dilsad

දේශපාලන වාසි තකා උඩ බලාගෙන කෙල ගහ ගන්න එපා.ඇමති රිෂාඩ්ට අද කරන චෝදනාව හෙට ඔබට කරන්න පුළුවන් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි

Mohamed Dilsad

තලවිල මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ට විශේෂ දුම්රිය සේවාවක්

Mohamed Dilsad

Leave a Comment