Trending Newsඑසැන පුවත්දේශීය

උතුරු-දකුණු ජනහදවත් ජයගෙන, රිෂාඩ්ගේ පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට පත්වූ සභිකයන් 140 දෙනෙක් දිවුරුම් දෙති.

පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින්, දිවයින පුරා, පළාත් පාලන ආයතන රැසකට තේරී පත්වූ සභිකයින්, දිවුරුම් දීමේ උත්සවය, පක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ ජේකොබ් පාර්ක් හෝටලයේදී අද (11) පැවැත්විණි.

මෙහිදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ සමගි ජන බලවේගය සමඟ එක්ව දිවයින පුරා තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරු 140 දෙනෙක් පක්ෂ නායක රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මෙම අවස්ථාවට සමස්ත ශ්‍රී ලංකා මහජන කොංග්‍රස් පක්ෂ සභාපති අමීර් අලි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අෂ්රෆ් තාහීර්, මුතු මුහම්මද් සහ පක්ෂයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරසික් සහභාගීවූහ‍.

Related posts

ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වසංගතයට සටන් කරන බව අගමැති මෝදි කියයි

Mohamed Dilsad

Arjun Aloysius, Kasun Palisena to re-appear before Court today

Mohamed Dilsad

எல்பிட்டிய பிரதேச சபை தேர்தல் ஒக்டோபர் மாதத்தில்

Mohamed Dilsad

Leave a Comment