Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබේ. ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බව අදාළ ආධාර තොගය යොමුකළ ෆ්‍රීඩම් ෆ්ලෝටිලා සන්ධානය ප්‍රකාශ කර ඇත.

නෞකාවේ රැඳී සිටි පුද්ගලයින් දෑත් ඉහළට ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බව සඳහන්ය.  ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවය.

කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මීට පෙර අදාළ යාත්‍රාව ආපසු හැරවිය යුතු බවට ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

හමාස් සටන්කාමීන්ට ආයුධ පැමිණීම අවහිර කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඊශ්‍රායල බලධාරීන් සඳහන් කර තිබේ.

Related posts

ஜனாதிபதி – சிங்கப்பூர் பிரதமருக்கிடையில் சந்திப்பு

Mohamed Dilsad

UN Security Council condemns North Korea missile test

Mohamed Dilsad

UPDATE: களுத்துறை படகு விபத்து – பலி எண்ணிக்கை மேலும் அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment