විදුලි සහ හයිබ්‍රිඩ් මෝටර් රථවල මිල 10% සිට 30% දක්වා පමණ ප්‍රමාණයකින් අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. මෙම මෝටර් රථ චීන විදුලි වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන බීවයිඩීසමාගම විසින් නිෂ්පාදනය කරනු ලබයි. මෙම වට්ටම, එළඹෙන ජුනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වන බවයි එම සමගම පවසා සිටින්නේ.
බැටරි බලයෙන් ක්‍රියාත්මක වන සහ හයිබ්‍රිඩ් මාදිලි 22ක් සඳහා 10 සිට 30%ක වඩා වට්ටමකට යටත් වන බව ඉකුත් සිකුරාදා දින බීවයිඩී සමාගම නිවේදනය කරයි.
එම වට්ටම් ප්‍රධාන වශයෙන් යුවාන් 150,000ට (ඇමරිකානු ඩොලර් 20,820) අඩු මාදිලි සඳහා අදාළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ වට්ටම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බීවයිඩී සීගුල්l රථයක් මෙරට මුදලින් රුපියල් මිලියන 2.3ක් පමණ වන අතර බීවයිඩී සීලියොන් 05 මෝටර් රථයක් රුපියල් මිලියන 2ක් පමණ වනු ඇත.
