Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ අය බලයට එන්න පෙර කී කතා, මාධ්‍යයේ පළ කරන අයට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි.

ආණ්ඩුවට විරුද්ධව පළවන මාධ්‍ය වාර්තාවන් සම්බන්ධවත් ආණ්ඩුවේ නායකයන් බලයට ඒමට පෙර සිදුකරන ලද විවිධ ප්‍රකාශ යළි පළ කරන මාධ්‍ය සම්බන්ධයෙනුත් ඒවා යළි පළ කරන අයට විරුද්ධව වාරණය කිරීමට මාධ්‍ය කොමිෂන් සභාවක් ගෙන ඒමට ආණ්ඩු උත්සහ දරමින් සිටින බව පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

ඒ හරහා මාධ්‍ය නිදහසට බාධා කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය. රජය විසින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවන් පිළිබඳව අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ රජය හා ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයට මාධ්‍ය වාර්තා කරන පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් විමර්ශනයට කොමිෂන් සභාවක් පත් කිරීමටත් ආණ්ඩුවේ සූදානමක් ඇති බවය.

Related posts

ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියෝග

Mohamed Dilsad

ACMC hails Sri Lanka Tamil embrace of Sajith

Mohamed Dilsad

வெற்றியாளர் கிண்ண தொடர் – பாகிஸ்தான் அணிக்கு 237 ஓட்டங்கள் வெற்றி இலக்கு

Mohamed Dilsad

Leave a Comment