Trending Newsඑසැන පුවත්දේශීය

රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් ඇති බවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්

මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟයක් තිබෙන බවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් තහවුරු කර තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුව ද සත්‍ය වශයෙන් රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, මෙසේ ද කීවේය. “අපිත් කියනවා ඖෂධ හිඟයක් තියෙනවා. ඒ්ක අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන එකක්. ආර්ථික ප්‍රශ්න ආවට පස්සේ ඖෂධ හිඟය තවත් වැඩි වුණා. ඒ් තදබදය තාම තියෙනවා. ඒ්ක නිසා අපේ සැපයුම් ජාලයේ වරින්වර දුර්වලතා ඇති වෙයි. සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 150ත් 180ක වගේ හිඟ තාවයක් ඇතිවෙනවා. ඒ්ක අපි පිළිගන්නවා. මුළු ලංකාවේම නෙමෙයි ඒ් හිඟ තාවය ඇතිවෙන්නේ අපේ ප්‍රධාන ගඩාව තුළ. මේකට හේතුව තමයි ලංකාවට බෙහෙතක් ආපූ ගමන් බලන්නේ ඒක පුළුවන් තරම් ඉක්මනට බෙදලා දාන්න තමයි. රෝහල් මට්ටමින් ගත්තාම ඒ් හිඟ තාවය තියෙන්න ඖෂධ හතලිස් ගාණක් විතර. අපි කිසිම දෙයක් වහලා නෑ. ඔය 180 කියන්නේ අපේ දත්ත පද්ධතියේ පෙන්නවන දේ ඒ් ඖෂධ හතලිස් ගණනම මිලදී ගන්න ඉතාමත්ම ලොකු මුදල් ප්‍රමාණයක්… “

පසුගි වසරේ සියලුම ඖෂධ මිලදී ගැනීමට අපි යොමුකළ මුදලටත් වඩා වැඩි මුදලක් අපි යොමු කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා. අපේ ප්‍රධාන ඖෂධ ගබඩාවේ තියෙන ඖෂධයක් වුණත් අනාගතයේදී හිඟ වෙන්න පුළුවන්නම් රෝහල් බලධාරීන්ට පුළුවන් ඒ් මිලදී ගැනීම කරන්න. එහෙම ක්‍රියාත්මක වුණොත් ඖෂධ හිඟ කියන කතා එන්නේ නැහැ..

මේ තියෙන ප්‍රශ්නය විසඳන්න පුළුවන් ක්‍රමය තමයි මධ්‍යම බෙහෙත් ගබඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම. සැපයුම් අඩාලවීම, ටෙන්ඩර් ක්‍රම අඩාවීම, ඒ් නිසා ඇතිවන ප්‍රශ්න විසඳන්න පුළුවන් මධ්‍යම ගබඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යෑම. අපි රජයට යෝජනා කරලා තියෙනවා ඇමතිවරු විදිහට මාස තුනත් හයත් අතර ආරක්ෂිත තොගයක් ලබාදෙන්න කියලා ඉක්මන් මිලදී ගැනීමයක් හැටියට. ඒ්ක ඉතාමත්ම නීත්‍යානූකූල විදිහට කරන්න. ඒ අල්ලගෙන තමයි කියන්නේ අපි බාල බෙහෙත් ගේන්න යනවා කියලා…” 

Related posts

George Bush Senior dies at the age of 94

Mohamed Dilsad

Kim Jong-nam murder case to go to trial

Mohamed Dilsad

නීතිවිරෝධී කටවුට් ඉවත් කිරීමට පොලීසිය වෙත රුපියල් ලක්ෂ 758ක්

Mohamed Dilsad

Leave a Comment