Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා, සජබ නිර්ණායකවලට පටහැනිව සභිකයන් නම් කිරීමට විරෝධය පළ කළ බන්දුල ලාල් ගාල්ල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වෙයි.

සජබ නිර්ණායකවලට පටහැනිව බද්දේගම ප්‍රාදේශීය සභාවට, සභිකයන් නම් කිරීම නිසා, තමන් ගාල්ල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වන බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ප්‍රකාශ කරයි. බද්දේගම දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බණ්ඩාරිගොඩ මහතා මෙසේ ද කීවේය. ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වුණත්, සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැහැ. පක්ෂය විසින්, මන්ත්‍රීධූර ලබා දීමට සකස් කළ නිර්ණායක පළාත් පාලන ආයතනයෙන්, පළාත් පාලන ආයතනයට වෙනස් කරලා. ගාල්ල මහ නගර සභාවේ ලැයිස්තුවට මන්ත්‍රී ධූර දීපු විදියට නෙවෙයි බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධූර තෝරලා තියෙන්නේ. මට පක්ෂයෙන් කිව්වා ප්‍රතිශතය අනුව, පළවෙනි, දෙවෙනි, තුන්වෙනි තිදෙනාටම දිය යුතුයි කියලා. ඒ අනුව එම නම් දැම්මා, හැබැයි බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභිකයන් නම් කරලා තියෙන්නේ පළමු කෙනා ප්‍රතිශතයෙන්, දෙවෙනි එක්කෙනා ප්‍රතිශතයෙන් හත්වෙනි තැන ඉන්න කෙනා. තුන්වෙනි කෙනා, සමගාමී ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා.

එතකොට නිර්ණායක දෙකක්, ගමේ අපිත් එක්ක එකට වැඩ කරපු ප්‍රාදේශීය නායකයෝ වසර ගණනාවක් කැපවෙච්ච අය, මේ පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු අය, සමගි ජනබලවේගය හදන්න අපිත් එක්ක එකතු වෙලා මහා කැපකිරීම් කරපු අය, ඒ අයට කරපු අසාධාරණය, ඒ අයගේ දේශපාලන ජීවිතය විනාස කිරීම, අපට කිසිසේත්ම දරාගන්න බැහැ.

මේ පක්ෂය රැකෙන්නේ බිම් මට්ටමේ ප්‍රාදේශීය නායකයෝ නිසා. ඒ අය දුර්වල කරලා, ඒ අයට අසාධාරණයක් කරලා, පක්ෂයකට පැවැත්මක් නැහැ. සාධාරණය ඉටු නොවෙනවනම්, අකමැත්තෙන් වුණත් ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වුණා. එහෙට මෙහෙට පිල් පැනලා දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නැති නිසා සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකයෙක් ලෙස තව දුරටත් රැඳී ඉන්නවා.

මගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ ලේකම්තුමා බාර ගත්තේ නැහැ. ඒ වුණත්, පක්ෂ නායකතුමාට එම ලිපිය වට්ස්ඇප් මගින් යොමු කළා.

සෑම පළාත් පාලන ආයතනයකට පොදු නිර්ණායකයක් අනුව සභිකයින් නම් කළ යුතුයි. එහෙම නැතුව, එක් එක් ප්‍රාදේශීය සභාවලට වෙනස් විදියට තීන්දු ගත්තාම පාක්ෂිකයන් ඉදිරියේ අපි අසීරුවට පත්වෙනවා.

ප්‍රතිශතය මත තෝරනවානම්, පක්ෂය විසින්ම සභිකයන් නම්කර මැතිවරණ කොමිෂන් සභාවට යැවිය යුතුයි. එසේ නොකර, සභිකයින් නම් කරන ලෙස ආසන සංවිධායකයන්ට දැනුම්දීම වැරැදියි. ඒ වගේම ආසන සංවිධායකයින්ගේ වගේම, පළාත් පාලන ආයතනවලට තරඟ කළ අපේක්ෂකයින්ගේ ගෞරවය ආරක්ෂාවන ලෙස පක්ෂය කටයුතු කළ යුතු යැයිද කීවේය.

Related posts

Jaffna Uni. Shooting Incident: Five Police officers remanded

Mohamed Dilsad

தாய்லாந்தில் குண்டுத்தாக்குதல் – 6 படையினர் பலி!

Mohamed Dilsad

Moeen Ali ‘Osama’ investigation closed by Cricket Australia

Mohamed Dilsad

Leave a Comment