Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂකයින් ලබාදීමට පොලීසියේ අවධානය

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රිවරු හැටහය දෙනාගෙන් ජීවිත තර්ජන ඇති මන්ත්‍රිවරුන්ට යළිත් වරක් ඇමැති ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීම කෙරෙහි පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.

සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමැති ආරක්ෂක නිලධාරීන් ලබාදෙන ලෙස විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු කථානායකවරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා (23 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

විපක්ෂයේ මන්ත්‍රිවරු ඊට එක්ව සිටි අතර පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීරද ඊට එක්ව සිටියාය. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පොලිස් ප්‍රධානීන්ද එක්ව සිටි මෙම සාකච්ඡා​වේදී විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ යෝජනා කෙරෙහි දැඩි අවධානය යොමුකර ඇත.

ඒ අනුව ජීවිත තර්ජන ඇති බවට පැවසෙන මන්ත්‍රිවරුන්ට ඇති තර්ජන පිළිබඳව බුද්ධි අංශ යොදවා ආරක්ෂක තක්සේරුවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසයි. අනතුරුව ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට නියමිතය.

Related posts

இன்றும் நாளையும் வாக்களிக்க சந்தர்ப்பம்

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු – විභාගය නොවැම්බර්

Mohamed Dilsad

ஈரான்-ஈராக் எல்லையில் பயங்கர நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment