Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඇන්ජලෝ මැතිව්ස් තීරණයක් ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. සිය සමාජ මධ්‍ය ගිණුම් සටහනක් තබමින් පවසා ඇත්තේ එළැඹෙන ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ නමුත් එම දැනුම්දීම සිදුකරමින් ඔහු පවසා ඇත්තේ, සීමිත පන්දුවාර තරග සඳහා තම සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා තමන් සූදනම් බවයි.

2009 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ රැඳී සිටියි. කුමාර් සංගක්කාර (12,400) හා මහේල ජයවර්ධනට (11,814) පමණක් පසුපසින් සිටින ඔහු ටෙස්ට් ලකුණු 8,167ක් රැස්කර ඇත. මේ වනවිට 37 වියේ පසුවන මැතිව්ස්, ශතක 16ක් හා අර්ධ ශතක 45කට හිමිකම් කියයි.

Related posts

Several spells of showers expected

Mohamed Dilsad

இணையதளங்களுக்கு புதிய கட்டுப்பாடு – 3 ஆண்டு சிறை, 10 லட்சம் அபராதம்!

Mohamed Dilsad

බස්නාහිර මංතීරු නීතිය නැවතත් දැඩිව

Mohamed Dilsad

Leave a Comment