Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට සහ පත්වූ සභිකයින්ට විශේෂ දැනුම්දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම් – වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27ට පෙර එම වාර්තා ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය.

Related posts

‘Na’ tree planted to celebrate Indonesia – Sri Lanka diplomatic relations

Mohamed Dilsad

Tonga Parliament building flattened by Cyclone Gita

Mohamed Dilsad

இலங்கை சட்டத்தரணிகள் சங்கத்தின் புதிய தலைவராக கலிங்க இந்ததிஸ்ஸ

Mohamed Dilsad

Leave a Comment