Trending Newsඑසැන පුවත්දේශීය

වෙසක් පෝය අදයි

සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනකය. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් හරසින් යුතුව සමරනු ලබයි.

මේ අතර තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගනිමින් වෙසක් දිනය අර්ථවත්ව සැමරීමට කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි පැවසූහ. ප්‍රතිපත්ති පූජා මුල්කරගනිමින් වෙසක් උත්සවය උසස් අන්දමින් සැමරීමට පියවර ගත යුතු බව මල්වතු පාර්ශයේ මහාලේඛකාධිකාරී පුජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමි සඳහන් කළේය.

වෙසක් කාලය තුළ ලක්වාසී මෙන්ම ලෝවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බුදුන් වහන්සේ පෙන්වු ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළ යුතු බව රාමඤ්ඤ මහ නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල හිමි සඳහන් කළේය.

Related posts

Hemasiri Fernando resigns as Defence Sec.

Mohamed Dilsad

Emma Stone, Fiance Dave McCary hold hands at SNL afterparty

Mohamed Dilsad

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment