Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතුවක් මත එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇති බව සඳහන් වෙයි.

ඒ් අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ලැබීය.

කෙසේ වෙතත් පසුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට එම වර්ෂයේදීම පත් කෙරුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5ක පමණ දීමනාවක්, නිල රථයක් සහ අනෙකුත් පහසුකම් ද හිමිවිය.

Related posts

උණුසුම් කාළගුණ තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

மருந்து வகைகளின் விலைகளை பகுப்பாய்வு செய்யும் நடவடிக்கை இறுதித்தருவாயில்…

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය පවත්වන දිනය මෙන්න

Editor O

Leave a Comment