Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාව සහ පාකිස්තානය අතර යුධ ගැටුම් දරුණු අතට…?

ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමග යුද ගැටුම් දැඩිවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු තුනක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉන්දියාව විසින් මිසයිල ප්‍රහාර එල්ලකර ඇතැයි ද විදෙස් මාධ්‍යවල සඳහන්. ඒ අනුව ඊට ප්‍රතිප්‍රහාර පාකිස්තානය විසින් එල්ලකර ඇති අතර, එහි ප්‍රතිඵයක් ලෙසින් ඉන්දීය පරිපාලන කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ පිපිරීම් ඇසුණු බවද වාර්තා වේ.

එමෙන්ම ශ්‍රීනගර් සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි උරි හි ලගාමා ගම්මානයට ද පාකිස්තානය විසින් කාලතුවක්කු ප්‍රහාරයක්‍ එල්ලකර ඇත. එම ප්‍රහාරයෙන් ප්‍රදේශවාසියෙකුගේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

මේ අතර අද අළුයම 3.15 සිට දහවල් 12 දක්වා කාලය තුළ සියලුම ගුවන්ගමන් සඳහා පාකිස්තානය සිය ගුවන් කලාපය වසා දමා තිබේ. එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙම නිවේදනය නිකුත්කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රාවල්පින්ඩි හි නූර් ඛාන් ගුවන් කඳවුර අසල සහ ලාහෝර් හි  ස්ථාන කිහිපයක ඊයේ (09) සවස් කාලයේ පිපිරීම් වාර්තාවීමත් සමග මෙම ගුවන් කලාපය වසා දමා තිබේ.

ඡායාරූප විදේශීය මාධ්‍ය

Related posts

அனுருத்த பொல்கம்பொல கைது

Mohamed Dilsad

குப்பைகளை உரிய முறையில் வகைப்படுத்தினால் சிக்கல் இல்லை

Mohamed Dilsad

இரட்டை கொலை சம்பவம் – ஜுலம்பிட்டிய அமரவிற்கு மரண தண்டனை

Mohamed Dilsad

Leave a Comment